පරිගණක ජාලයක උපාංග - Components
of a Network
තොරතුරු සන්නිවේදනය පරිගණක 2ක් පමණක් සම්බන්ධ කරන ලද ජාලයක සිට පරිගණක සමූහයක් සහිත මුලු ලෝකය පුර
පැතිරුණු අන්තර්ජාලය දක්වා පුළුල් විය හැක. මෙම ක්‍රියාවලිය තුල අපි විවිධාකාරයේ Network Components (ජාලකරණ උපාංග) භාවිතා කරමු. ප්‍රධාන වශයෙන් මේවා කොටස් 3කට බෙදා දැක්විය හැක.
1.Devices
2.Media
3.Services
1.Devices
Devices යනු Network
එකට සම්බන්ධ
කර ඇති Hardware
හෙවත් දෘඩාංග
කොටස් වෙයි.
Laptop, Pc,Switch,Router,Hub ...etc
Laptop, Pc,Switch,Router,Hub ...etc
•End
devices
•Intermediary
devices
End devices
End
devices යනු network එකේ උපයෝජකයන්ට ආසන්නයේම ඇති උපකරණ වෙයි.මෙම
device මගින් user සහ network
එක අතර interface (අතුරු මුහුණත) නිර්මාණය කරනු ලබයි.
•Computers (work stations, laptops,
file servers, web servers)
•Network printers
•VoIP phones
•Mobile devices
•Security cameras
Intermediary devices
Intermediary devices යනු ඉහතින් දක්වන ලද end devices එකිනෙක සම්බන්ධ කරන devices වෙයි . මෙම device මඟින් ජාලය අතර සම්බන්ධතාවය ගොඩනගනවා මෙන්ම
ජාලය තුල දත්ත හුවමාරුවටද උපකාර කරයි..
•Network Access (switches and
wireless access points)
•Inter-networking (routers)
•Security (firewalls)
2.Media
Media කියන්නේ ඉහතින් සඳහන් කරන ලද උපාංග එකට සම්බන්ධ කිරීමට භාවිතා කරන මාධ්‍යය වෙයි.
සමහර මාධ්‍යය පියවි ඇසට පෙනෙන අතර සමහර මාධ්‍ය එසේ නොපෙනෙයි. මේවා ප්‍රධාන වශයෙන්
වර්ග 3ක් ලෙස වෙන් කර දැක්විය හැක.
•Metallic wires within cables
(Copper, Coaxial)
•Fiber optics (Glass or plastic
fiber)
•Wireless media (Radio frequency,
infrared)
මෙම එක් එක් media වල ගති ලක්ෂණ එකිනෙකට වෙනස් වෙයි. ජාලකරණයේදී
මේ අතුරින් සුදුසු media එකක් තෝරගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු
කිහිපයක්ම ඇත. එනම්,
1.Media එකට සාර්ථකව data
රැගෙන යා
හැකි උපරිම දුර කොපමණද?
2.Media එක ස්ථාපනය කරන පරිසරයේ ස්වභාවය කෙබදුද?
3.Data transmit කලයුතු වේගය කොපමණද?
4.ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට යන පිරිවැය
කෙබදුද?
3.Services
Services
යනුවෙන් හඳුන්වන්නේ
ඉහතින් සඳහන් කරන ලද Devices සහ Media
යොදාගෙන
ලබාදෙන සේවාවන්ය. මෙම සේවාවන් සන්නිවේදන වැඩසටහන් ලෙස සරලව හැදින්විය හැක. Network user කෙනෙක්ගෙන් ලැබෙන request
වලට ප්‍රතිචාර
දැක්වීම මෙමඟින් සිදු වෙයි.
•Email hosting services
•Web hosting serviceomponents of a network
සම්පූර්ණ ජාලයේම visual map එක පෙන්නුම් කිරීමට අපිට topology diagrams යොදාගත හැක. මෙම topology
diagrams කොටස් ප්‍රධාන කෙටස් 2කට බෙදා වෙන් කළ හැක.
1.Physical topology diagramsමෙහිදී end devices, intermediary devices, cables, configured ports වල භෞතික ස්වභාවය පදනම් කරගෙන diagram එක නිර්මාණය කරයි.
2.Logical topology diagrams
මෙහිදී devices, ports සහ IP Address පදනම් කරගෙන diagram එක නිර්මාණය කරයි.
No comments:
Post a Comment