Friday, May 29, 2015


පරිගණක ජාල - Computer networks

හැදින්වීම


What is the Computer network | පරිගණක ජාලයක් යනු කුමක්ද? 

    පරිගණක දෙකක් හො කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරමින් සකස් කරනු ලබන පරිගණක පද්ධතියක් පරිගනක ජාලයක් ලෙසින් හැදින්වේ. පරිගණක ජායලයක් ගොඩනැගිම තුළින් පරිගණකයන්හි ඇති සම්පත් පොදුවේ භාවිත කල හැකි වේ. මෙසේ පරිගණක ජාලයක් ගොඩනැගීමේ දි පරිගණක සහ අනෙකුත් උපාංග එකිනෙක සම්බන්ධ කිරිම සදහා විවිධාකාරයේ සන්නිවේදන උපක්‍රම හා උපාංග භාවිත කරනු ලැබේ.

 

Advantages of computer network | පරිගණක ජාලයන්හි වාසි 

  Speed | වේගය

 පරිගණක ජාලයක දි පරිගණක හා අනෙකුත් උපාංග එකිනෙක හා හොඳින් සම්බන්ධ ව ඇති නිසා ඉතාම  පහසුවෙන් සහ වේගයෙන් දත්ත සහ තොරතුරු එහා මෙහා කිරිමේ හැකියාව ඇත. 

  Cost | ව්යදම

 පරිගනක ජාලයක් ගොඩනැගිම තුලින් පරිගනක මෘදුකාංග සහ උපාංග සඳහා වැය වන අධික වියදම ප්‍රමාණය  පහසුවෙන් ම අඩු කර ගැනීමට හැකි වනු ඇත. පරිගණක වෙන් වෙන් ව භාවිත කිරිමේ දි සැම පරිගනකයක්  සඳහා ම වෙන් වෙන් ම පරිගණක මෘදුකාංග සහ උපාංග මිල දී ගැනිමට සිදු විම මෙම අධික පිරි වැයට  හේතුවකි. පරිගණක ජාල තුලදි පරිගණක ජාල සඳහා නිර්මාණය කරන ලද අදාල මෘදුකාංග සංස්කරණයන්  සහ ඉපාඅංග මිලදි ගැනිමෙන් වියදම අඩු කර ගත හැක. මෙම මෘදුකාංග එක් පරිගණකයක නිදහස් හා විවෘත  කේත මෘදුකාංග (free and open source software - FOSS) භාවිත කරන්නේ නම් එ සදහා කිසිදු මුදලක් වැය  කළ යුතු වන්නෙ ද නැත.

Security | ආරක්ෂාව
Centralized software management | මධ්‍යගන මෘදුකාංග පාලනය පහසුවීම
Sharing of Resources | සම්පත් පොදුවේ භාවිත කිරිම
E-Mail / Electronic mail | විද්‍යුත් තැපැල් 

 

Disadvantages if Computer networking | පරිගණක ජාලයන්හි අවාසි

ප්‍රධාන පරිගණකය බිදවැටුන විට ජාලයම බිඳවැටිම

දොෂයක් තිබුනහොත් දත්ත හුවමාරු නොවිම හා සම්පත් භාවිතය අවහිර වීම

හොරකම් කිරිමට හැකි විම

සම්පත් භාවිතය සමහර විට අපහසුවිම

 

Network Topology | ජාල ස්ථල විද්‍යාව 

    පරිගණක ජාලගත කිරිමේ දි එවා භෞතික වශයෙන් සම්බන්ධ කර ඇති අන්දම ඉතාම වැදගත්ය. භෞතික ව්අශයෙන් පරිගනක එකිනෙක සා සවි කරනු ලබන ආකාරය ජාල ස්ථල විද්‍යාව (Network topology) ලෙසින් හදුන්වනු ලබයි

 

 *පරිගණක ජාල ගත කිරිම නොයෙකුත් ආකාරයෙන් කළ හැකි අතර මුලික ආකාර කිහිපයක් පහත දැක්වේ.

1.     දැල් ආකාරය - Mesh Topology

එක් Node එකක් හරහා network එකේ ඇති සියලුම උපාංග හා සම්බන්ධ වීමට අවකාශය ලබාදෙන Topology එක වේ.මෙහි Node අතර Link ඇතිවන්නේ Point to point configuration ආකාරයෙනි.එනම් වෙනත් උපාංගයක් Node දෙක අතර නොමැත.මෙහිදී හුවමාරු වන්නේ එම පරිගණක දෙකට සීමාවූ දත්ත පමණි.එමනිසා මේ ක්‍රමයෙන් දත්ත හුවමාරු කිරිමෙහිදී  traffic අඩුය. ආරක්ෂාව ඉහල, නඩත්තුව පහසු ආකාරයක් වුවද මෙහිදී වියදම් අධික වීම, Install කිරීම අසීරුවීම ගැටලු වෙයි.

 


මෙහිදී Hub නැමැති සම්බන්ධක උපාංගයක් හරහා devices එකිනෙක හමුවෙයි. මෙහිදී dedicated link එකක් ඇත්තේ device අතර නොව hub එකටය. මෙම ක්‍රමයේදී direct traffic එකක් නොමැති වුවද hub එක හරහා traffic මතුවේ. Data ගමන් කරන්නේ සෑම විටම  hub එක හරහාය. අවම cable ප්‍රමාණයක් අවශ්‍ය වන මෙය වියදම අවම ජාලීකරණ ආකාරයකි. මෙහි එක් උපාංගයකට ඇත්තේ link හා IO port එක බැගින් පමණි. Installation and configuration මෙන්ම device එකක් ඉවත් කිරීම ද පහසු වෙයි. එක් link එකකට වන damage එකක් අනෙක් link වලට බලපෑමක් ඇති නොකරන බැවින් මෙය වඩා ශක්තිමත් වූ topology එකක් ලෙස ද   හැඳින්විය හැක.

 


මෙහිදී ද point to point line configuration මඟින් device දෙකක් සම්බන්ධ කර ඇත. මෙහිදී data ගමන් කරන්නේ එක් දිශාවකට පමණි. මෙම සෑම node එකකම repeaters ඇත.අනවශ්‍ය තොරතුරක් නම් signal එක transfer කිරීමට පෙර repeater එක මඟින්  regenerate කර transfer කරයි. මෙම topology එකේ cable ගණන අවමය. device add කිරීමත් ඉවත් කිරීමත් පහසුය.එමෙන්ම fault isolation හා installation කටයුතු ද මෙහිදී පහසුවෙන් කරගත හැක.

 


මෙම topology එකේදී multipoint configuration එකක් දැකගත හැකි අතර මෙහිදී සිදුවන්නේ main cable එකක් අතුරා tap නැමැති connecter එක මඟින් drop line, main cable එකට සම්බන්ධ කරයි. මෙම drop line එකේ අනෙක් කෙළවර node එකට සම්බන්ධ වෙයි. ගොඩනැගිල්ලක නම් පරිගණක සම්බන්ධ වීමට සුදුසුම මාර්ගය තෝරාගෙන ඒ දිගේ blackbone  cable හෙවත් main cable එක අතුරයි.මෙහි installation කටයුතු පහසු වන අතර main cable එකක් ඇති නිසා අවශ්‍ය වන cable ප්‍රමාණය අවමය.මෙම ආකාරයේදී පරිගණකයක් ගලවා නැවත සවි කිරීම ඉතා අපහසුය. Multipoint නිසා fault isolation කිරීම අපහසු වෙයි. මෙහිදී යම් හෙයකින් main cable එකට හානියක් සිදුවුවහොත් එය මුලු පද්ධකියටම බලපෑමක් ඇතිකිරීම මෙහි ඇති අවාසියකි. තවද tap නිසි පරිදි සම්බන්ධ වී නොතිබීම නිසා signal බාල වීමටද මෙහිදී ඉඩ ඇත.

 

 


මෙය එක්තරා ආකාරයක star topology එකක් වුවද star topology එකක තිබෙන central hub එකට අමතරව secondary hub ගණනාවක් මෙහි පවතින නිසා මෙය star topology එකෙන් වෙනස් වෙයි.මෙහි ඇති central hub එකට secondary hub මෙන්ම single node ද සම්බන්ධ වෙයි. තවද මෙම ජාලය හරහා තොරතුරු ගමන් කිරීමේදී සිදුවන signal බාලවීම වැලැක්වීමට repeater එකක් හරහා signal regenerate කර pass කිරීම සිදුකරන බැවින් ‍මෙම central hub එක active hub ලෙසද හඳුන්වයි. මෙම active hub එක මඟින් repeater හරහා data ගමන් කරන අතර secondary hub වූ කලී හුදු සම්බන්ධකයන් පමණි.සාමාන්‍යෙයන් මෙම topology එකකදී සම්බන්ධ කළ හැකි node ප්‍රමාණය වැඩිය. මෙහිදි එකවර signal කිහිපයක් transfer කිරිමට සිදුවීමේදී prioritize කර ප්‍රමුඛතාව මත signal වලට ගමන් කිරීමට අවකාශය සලසා දෙයි.

 

Main Types of Computer networks | ප්‍රධාන පරිගණක ජාල ආකාර 

 

·        Local area Network -LAN | ස්ථානීය ප්‍රදේශ ජාල

·        Metropolitan Area Network - MAN | පුරවර ප්‍රදේශ ජාල

·        Wide Area Network | පුළුල් ප්‍රදේශ ජාල
 




                                          

No comments:

Post a Comment